Home දේශීය පුවත් සජිත් එනවා කුරුණෑගල රැලිය එළැඹෙන 05 වැනිදා

සජිත් එනවා කුරුණෑගල රැලිය එළැඹෙන 05 වැනිදා

0

කුරුණෑගලදී එළැඹෙන 05 වැනිදා පැවැත්වීමට නියමිත ‘සජිත් එනවා ‘ රැලිය නතර කරන ලෙසට එක්සත් ජාතික පක්‍ෂයෙන් දැනුම්දීමක් කර නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

ඒ අනුව සැලසුම් කළ ආකාරයට එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පවත්වන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම රැලිය පැවැත්වීමෙන් අනතුරු ඉදිරි මහජන රැලි සම්බන්ධව තීරණයක් ගන්නා බවද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

කුරුණෑගලදී පැවැත්වෙන රැලියට මංගල සමරවීර, හරීන් ප්‍රනාන්දු, ඉරාන් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා, වසන්ත අලුවිහාරේ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගි වීමට නියමිත බවද හෙතෙම පැවසීය.

තාවකාලිකව මෙම රැලි මාලාව නතර කළ යුතු බවට සාකච්ඡාවකදී තීරණයක් ගෙන ඇතැයි දැනගන්නට ලැබුණු බවත්, එය නිල වශයෙන් මන්ත්‍රීවරුන්ට දැනුම්දී නොමැති බවත් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත්  පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version