නකල්ස් රක්ෂිතයේ වල්ලපට්ට ජාවාරමක නිරතව සිටි 3ක් අත්අඩංගුවට

නකල්ස් අධි පරිසර සංවේදී කලාපයේ කාලයක් තිස්සේ වල්ලපට්ට ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් ලක්ෂ පහළොවකට පමණ වටිනාකමින් යුත් වල්ලාපට්ට තොගයක් සමඟ මෙම පුද්ගලයින් තිදෙනා වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ දන්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සන්තකයේ තිබී වල්ලා පට්ට කිලෝ 15කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

ඉතා සියුම්ව වල්ලාපට්ටා කපා ගැනීම සඳහා උපයෝගී කරගන්නා උපකරණ රැසක් සහ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වල්ලපට්ටා තොගය කැපීම සඳහා යොදාගත් උපකරණ ත්‍රිරෝද රථය නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වන නිලධාරීන් පවසයි.

Exit mobile version