එක්සත් ජාකික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මේ වන තෙක් තීරණය කර නොමැති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අද (02) සීනිගම ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී මාධ්‍යවේදීන් වෙත සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ වෙනත් පක්ෂවලින් මේ වන විට ඔවුන්ගේ හොඳම අපේක්ෂකයින් ඉදිරිපත් කරමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂයෙන් ද ඒ ආකාරයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් පෙරමුණත් සමඟ සාකච්ඡා කර ජයග්‍රහණය කළ හැකි වැඩපිළිවෙලක් ඇති කරගෙන යන බවත්ය.
තමන්ට අපේක්ෂකත්වය ලැබේදැයි මාධ්‍යවේදියෙක් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ තමන්ට ඒ සඳහා තව කල් පවතින බවත් මෙම අවස්ථාවේ දී සිදු කළ යුත්තේ රට දිනවීම බවත්ය.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දා සිටම සංවර්ධන කටයුතු සිදු කළ ද ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොකිරීම රජය විසින් සිදු කළ දුර්වලතාවයක් බවද රවී කරුණානායක මහතා පැවසීය.