මොණරාගල රක්ෂිත කන්දක ගින්නක්

මොණරාගල පොලිස් වසමේ කුඹුක්කන කලවැල්ආරගම ‍රක්ෂිත කන්දේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

‍මොණරාගල පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වී ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කර තිබේ.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර, ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මොණරාගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version