උතුරු, නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලට නොයන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අද(08) සිට හෙට රාත්‍රී 08.00 දක්වා උතුරු, නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලට නොයන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කෙසේ වෙතත් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන තත්ත්වය ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතින බව ද සදහන් කරයි.

එහෙත් උතුර හා නැගෙනහිර මුහුදු වෙරළවල්වලට ඇතුලුවිය නොහැකි ලෙසට නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් ඉවත් කර ඇති අතර අද (08දා) උදේ සිට මුහුදු වෙරළ භාවිතා කළ හැකි බවද එම ස්ථානයේ සඳහන් කරයි.

ධීවර කටයුතුවලට නොයන ලෙස නිකුත් කර තිබෙන, අනතුරු ඇඟවීම් ඉවත් කර ගන්නවාද නැද්ද යන්න හෙට රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බව ද පවසා සිටියේය.

පවතින අඩුපීඩන තත්ත්වය ත්‍රිකුණාමල මුහුදේ සිට මීටර් 900ක් ඊසාන දෙසින් ස්ථානගතව තිබෙන බවත්, ඉදිරි පැය 24තුලදී පීඩන අවපාතයක් බවට පත්ව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙන් උතුරු දිශාවට බරව වයඹට ගමන් කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version