රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධකම

රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධකම බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

”සිසු දහම් සෙවණ” ව්‍යපෘතිය යටතේ කඹුරුපිටිය, කරගොඩ, උයන්ගොඩ ශ්‍රී නාකන්දාරාම විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 40ක වියදමින් ඉදිකළ අභිනව දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) සිදුකෙරුණි.

Exit mobile version