Home දේශීය පුවත් ඝාතන සිද්ධියකට වරදකරුවන් වූ තිදෙනෙක්ට මරණ දඩුවම

ඝාතන සිද්ධියකට වරදකරුවන් වූ තිදෙනෙක්ට මරණ දඩුවම

0
ඝාතන සිද්ධියකට වරදකරුවන් වූ තිදෙනෙක්ට මරණ දඩුවම

මොරටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව වරදකරුවන් වූ තිදෙනෙකුට පානදුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කර තිබේ.

2009 වසරේ පෙබරවාරි මස පළමුවනදා මොරටුව, එගොඩඋයන මංසන්ධියේදී අදාළ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර එම නඩුව අද (03) පානදුර මහාධිකරණ විනිසුරු වීරමන් සේරසිංහ මහතා ඉදිරියේ විභාගයට ගත්තේය.

එහිදී චෝදනා එල්ල වී තිබූ විත්තිකරුවන් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version