පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාක්ෂි දෙන්න ජනපති එකඟවෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පල කර තිබේ.

එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ කොමිසම හමුවේ සක්ෂි ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පල කළ බවයි.

කොමිසමේ සාමාජිකයින් ඉදිරි දිනකදී ජනාධිපති කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි ලබා ගැනිමට කටයුතු කරන බව ද ආන්නද කුමාරසිරි මහතා සදහන් කළේය.

එහෙත් සාක්ෂි ලබා ගැනිම සඳහා මෙතෙක් ජනාධිපතිවරයා විසින් දිනයක් ලබාදී නොමැති බව නියෝජ්‍ය කතානායක ආන්නද කුමාරසිරි මහතා පැවසුවේය.

පාස්තු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පසුගිය ජුලි 06 වනදා සාක්ෂි ලබාදුන්නේය.

Exit mobile version