අතුරුදහන්වූවන් වෙනුවෙන් මාසිකව සහනාධාරයක්

අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳ කාර්යාලය මඟින් අතුරුදහන්වීම් පිලිබඳ සහතික නිකුත් කොට ඇති පුද්ගලයින්ගේ ප්‍රතිලාභීන්ට මාසිකව රුපියල් 6,000 ක් බැඟින් වූ අතුරු සහනාධාරයක් ලබාදීමට යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.

මෙම අතුරු සහනාධාර මුදල 2019 ඔක්තෝබර් 10 වන දින සිට සෑම මාසයකම 10 වැනි දිනට ගෙවිය යුතු බවට මෙම යෝජනාවේ සඳහන් වේ.

අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ජාතික ඒකාබද්ධ, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝගනේෂන් යන මහත්වරුන් විසිනි.

Exit mobile version