මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා හා දූෂණ රැසක් ගැන සංගා කියයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා හා දූෂණ රැසක් මෑත කාලයේ වාර්තා වී ඇති බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ එන්.සී.සී. ක්‍රිකට් සමාජයේ පැවති උත්සවයකදී ය.

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ වන විට දූෂණ හා වංචා සිද්ධි 43ක් වාර්තා වී ඇති බවත්, ඉන් 23ක්ම ශ්‍රී ලංකාව පිළිබඳව බවත් කුමාර් සංගක්කාර මෙහිදී සඳහන් කළේ ය.

Exit mobile version