ඖෂධ අවශ්‍යතා දැනුම් දීමට නව දුරකථන අංකයක්

දිවයින පුරා පවතින හදිසි ඖෂධ අවශ්‍යතා සඳහා දැනුම් දීමට නව දුරකථන අංකයක් හදුන්වා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් 0766 47 47 77 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

දිවයින පුරා පිහිටි සෞඛ්‍ය සේවා සපයන ආයතන වෙත හදිසි නිකුත් කිරීම් ප‍්‍රමාදයකින් තොරව ක‍්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.

වෛද්‍ය සැපයීම් අංශයේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේදී ඇරඹුණු මෙම ඒකකය පැය 24 පුරා ක‍්‍රියාත්මකයි.

Exit mobile version