Home දේශීය පුවත් දික්අරාව රක්ෂිතයේ ගින්නක් – අක්කර 10ක් විනාශයි

දික්අරාව රක්ෂිතයේ ගින්නක් – අක්කර 10ක් විනාශයි

0
දික්අරාව රක්ෂිතයේ ගින්නක් – අක්කර 10ක් විනාශයි

බණ්ඩාරවෙල, දික්අරාව රක්ෂිතයේ ඊයේ (05) රාත්‍රී කාලයේ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.‍

ප‍්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හා දැඩි සුළං හේතුවන් මෙම ගින්න රක්ෂිතය පුරා පැතිර ගොස් තිබූ බවට වාර්තා වෙයි.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් රක්ෂිතයේ සිටින වන සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලීසිය පවසයි.

ගින්න සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version