මඩකළපුව බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට

මඩකළපුව බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු අද (06) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වාලච්චේන, සුංකාන්කේනි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් බව මඩකළපුව පොලීසිය පවසයි.

පසුගිය 04 දා වාලච්චේන ප්‍රදේශයේ ඇතිවූ ගැටුමක් සමබන්ධයෙන් මෙම පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මඩකළපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version