අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලේඛනවලට ජනපති අත්සන් තබයි

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06) අත්සන් තැබීය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණයුතු ලිපි ලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ යයැයි දන්වා ඇති එම සියලූ ලිපි ලේඛන අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ පරික්ෂාවට ලක් වූ අතර අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් එම ලිපි ලේඛන සහතික කරනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇත.

Exit mobile version