Home දේශීය පුවත් කෙහෙළිය ශ්‍රිලනිපයට ඇති අයිතියක් ගැන කියයි

කෙහෙළිය ශ්‍රිලනිපයට ඇති අයිතියක් ගැන කියයි

0
කෙහෙළිය ශ්‍රිලනිපයට ඇති අයිතියක් ගැන කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙනමම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පක්ෂයක් ලෙස ඔවුන්ට ඇති අයිතියක් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

අද (06) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම තීරණය දේශපාලන නායකයෙකු විසින් අර්බුදකාරී තත්ත්වයක් තුළ ගත යුතු තීරණයක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර සිදු කරන සාකච්ඡා සඳහා එය බාධාවක් නොවන බවත් ඕනෑම අවස්ථාවක රනිල් හා සජිත් පාර්ශව හැර ඕනෑම පක්ෂයක් සමඟ විවෘත සාකච්ඡා සඳහා පොදු ජන පෙරමුණ සූදානම් බවත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version