මාලිංගගෙන් ලෝක වාර්තාවක්

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ පළමු පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.

ඒ නවසීලන්තය හා පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස තරඟයේ දී තෙවැනි පන්දුවාරය යොමුකළ ලසිත් මාලිංග පිළිවෙළින් කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆෝඩ්, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් හා රොස් ටේලර් දවාගනිමින් මෙම දක්ෂතාව දැක්වීය.

මුන්රෝ දවාගැනීමත් සමඟ මාලිංග විස්සයි විස්ස කඩුලු 100 සම්පූර්ණ කළ අතර ලෝකයේ එවැනි දක්ෂතාවත් දැක්වූ පළමු පන්දු යවන්නා බවටද මාලිංග ලෝක වාර්තාවක් පිහිට වූ අතර විස්සයි විස්ස පිටියේදී මාලිංග ලබාගත් දෙවැනි කඩුලු ත්‍රිත්වය ලබා ගනිමින් එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ එකම පන්දු යවන්නා වීමටද මාලිංගට අවස්ථාව උදාවිය.

Exit mobile version