නවක වද සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පිරිස යළි රිමාන්ඩ්

නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා නැවත මෙම මස 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාගේ නියෝග මතයි.

රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට අමානුෂික ලෙස නවක වධය දුන් බවට චෝදනා ලැබු රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් 19 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත්තේය.

නවක වධයට ලක් වූ බව කියන සිසුවා තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය.

Exit mobile version