ගිය ආණ්ඩුව නොකළ වැඩක් ගැන අකිල කියයි

අධ්‍යාපනය වෙනුවෙන් ඉතිහාසයේ මේ දක්වා සිදු කළ දැවැන්ත ම මූල්‍ය ආයෝජනය සිදුකරමින් විශාල ව්‍යාපෘති සමූහයක් රටේ පාසල් පද්ධතියට දායාද කරන්නට හැකි වූයේ, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අගමැතිතුමන්ගෙන් ලැබුණු සහයෝගය හා මඟපෙන්වීම නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවල විවිධ ව්‍යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබීම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත් ඒ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපනයේ මෑතකාලීන ව ක්‍රියාවට නංවන ලද විප්ලවීය අධ්‍යාපන ක්‍රියාමාර්ග අතර තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහනේ තෙවැනි පියවර යටතේ එකම දිනක නව පාසල් ගොඩනැගිලි 500ක් සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) කහතුඩුව, වෙනිවැල්කොළ ‘ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය’ පිළිබද ජාතික ආයතනයේ දී මෙම උත්සවය පැවැත්විණි.

Exit mobile version