මත්ද්‍රව්‍ය සමඟ අයෙක් ගොතටුව දී අත්අඩංගුවට

ගොතටුව, බටලන්ද හේන ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අයිස් ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 450 ක්, ගංජා කිලෝ 2යි ග්‍රෑම් 20 ක් හා ‍මත් පෙති 50 ක් මෙම සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 30 ක් වු මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය ලිපිනයේ පදිංචි අයෙකි.

සැකකරු අද (10) දිනයේ දී අලුත් කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version