නීතිවිරෝධීව ඉන්දියාවට යන්න ගිය අයෙක් නාවික හමුදා බාරයට

යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (09) දින සැක කටයුතු පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු නාවික විධානය විසින් යාපනය, මාදගල්තුරෙයි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම පුද්ගලයා නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට සංක්‍රමණය වීමට සුදානම්ව සිටි ඇති බව කරුණු අනාවරණය කර ගෙන ඇත.

එහිදී මෙම සැකකරු සතුව තිබී ඉන්දියානු රුපියල් 3650 ක් සහ ජංගම දුරකථනයක් සොයා ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් සැකකරු, ඉන්දියානු මුදල් සහ ජංගම දුරකථනය ඉදිරි පරික්‍ෂණ කටයුතු සඳහා ඉල්ලවාලෙයි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Exit mobile version