Home දේශීය පුවත් සිරකරු සුබසාධන පළමු කොඩිය ජනපතිට

සිරකරු සුබසාධන පළමු කොඩිය ජනපතිට

0
සිරකරු සුබසාධන පළමු කොඩිය ජනපතිට

සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණුකර ගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන කොඩි සතියේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැලඳවිම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙමඟින් ලැබෙන අරමුදල් මඟින් සිරකරුවන් උදෙසා වෛද්‍ය සායන පැවැත්වීම, ඇස් කණ්ණාඩි ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර රැසක් දියත් කිරීම සිදු කෙරේ.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයේ උපසභාපති ආර්.ඒ.ඩී.සිරිසේන මහතා ප්‍රථම කොඩිය ජනාධිපතිවරයාහට පැලඳවූ අතර අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පියසිරි විජයනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version