Home දේශීය පුවත් එජාපය තුල අර්බුදයක් ඇතැයි ටිල්වින් කියයි

එජාපය තුල අර්බුදයක් ඇතැයි ටිල්වින් කියයි

0
එජාපය තුල අර්බුදයක් ඇතැයි ටිල්වින් කියයි

බලයේ සිටි පාර්ශ්ව නැවත බලයට පැමිණීම සඳහා මැතිවරණයකට ඉදිරිපත් වන්නේනම් ඉන් හැඟවෙන්නේ ඔවුන් අසාර්ථක බව යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ලේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින්.

පළමු වතාවට පක්ෂයේ නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පක්ෂයේ සෙසු පිරිස විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවද ඔහු පවසයි.

පක්ෂ පක්ෂ අතර විනා වර්තමානයේ රනිල්,සජිත් ,කරු යනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුලම ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමට අර්බුදයක් මතු වි ඇති බවද ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙයි.

වැඩි දුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා පැවසුවේ තම පාලනය යටතේ එට සංවර්ධන කළේ නම් නැවතත් රට සංවර්ධනය කිරීමට ඡන්දයක් පවත්වන්නේ කුමකට යනුවේනි.

මෙලෙස ඇතැම් පක්ෂ ජනාධිපතිවරණයට එක්වන්නේ හුදෙක් ජනාධිපතිවරයා වීම විනා රටට සේවයක් නොකිරීමට බවද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අදස් දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version