ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක් අද

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් අද (10) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.

Exit mobile version