Home දේශීය පුවත් එජාපය ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අපොහොසත්ද ?

එජාපය ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අපොහොසත්ද ?

0
එජාපය ජනපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අපොහොසත්ද ?

එක්සත් ජාතික පක්ෂය මෙන්ම පොදුජන පෙරමුණද ජනාධිපතිවරණය සඳහා දේහපාලන නායකත්වය සහිත අපේක්ෂකයෙකු පත් කිරීමට අපොහොසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි.

අනුරාධපුරදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු මේ බව සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දාලා යන්න ඕන බවත් පැවසු ඒ මහතා සජිත් ප්‍රේමදාස මහතා ද ජාතික දෙයක් වෙනුවෙන් ඔහුද නොමැති බව අවධාරණය කළේය.

කිසිදු ජාතික කර්තවයක් සජිත් ප්‍රේමදාස මහතා සිදු කර නොමැති බවත්, ඔහු ලංකාව යනු හම්බන්තොට යනුවෙන් සිතා සිටින බවත් ලාල් කාන්ත මහතා මෙහිදී පැවසීය.

එනිසා එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇති අර්බුදය ඉතා භයානක තත්ත්වයක පසු වෙන බවත් පැවසු ලාල්කාන්ත මහතා, නායකයෝ හැදුවේ නැති බවත් ගෝඨාභය වැනි අය එන්නේ දේශපාලන නායකත්වයක් ගොඩනැඟීමට නොහැකි වු නිසා බැවින් යැයි ද කියා සිටියේය.

ගෝඨා දේශපාලන නායකයෙක් නොවන බවත් පැවසු ඒ මහතා, 19 ඉදිරියට ගෙනියන බවත්, එය තවමත් සම්පූර්ණ නැති බවත්, 19 හැරවීමට කිසිවෙකුට ඉඩක් නොමැති බවත්, ඒ වෙනුවෙන් 20 ගෙනැවිත් ඇති බවත් පැවසීය.

එය 20 දක්වා ගෙන යෑමේ අරමුණින් වැඩ කරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version