‍රාගම, වත්තල ප්‍රදේශ රැසකට අද වතුර නෑ

රාගම සහ වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට අද (12) පස්වරු 01.00 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

වත්තල – මාබෝල, ජා -ඇල සහ කටුනායක – සීදුව නගර සභා බලප්‍රදේශ, වත්තල, මහර සහ ජා -ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවා ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

පසුගියදා ජල නල පද්ධතියේ අළුත්වැඩියා කටයුක්තක් සිදු කර තිබු අතර එහිදී අළුත්වැඩියා කළ ජලනලයක් පුපුරායාම හේතුවෙන් අද දිනයේ ජලය අත්හිටුවිමට සිදු වූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Exit mobile version