ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඇපල් පරිගණකයකට තහනමක්

ඇපල් අඟල් 15 මැක්බුක් ප්‍රෝ ලැප්ටොප් පරිගණක ශ්‍රී ලන්කන් ගුවන් යානාවල රැගෙන යාම තහනම් කිරිමට කටයුතු කර තිබේ.

ඒ අනුව ගුවන් මගියා තමන් සන්තයේ තබා ගන්නා ගමන් මල්ලේ හෝ අනෙක් ගමන් මළු තුළ මෙම පරිගණකය රැගෙන යාම තහනම් කර තිබේ.

මෙම පරිගණකයේ බැටරියේ ඇතිව තිබෙන දෝෂයක් හේතුවෙන් ගිනි ගැනීමේ අවධානමක් ඇතිවීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට ගුවන් සමාගම් කිහිපයක්ම මෙම පරිගණකය තම ගුවන් යානා තුළ රැගෙන යාම තහනම් කිරීමට කටයුතු කර තිබේ.

ඇපල් සමාගමේ අඟල් 15 මැක්බුක් ප්‍රෝ පරිගණක වල මෙසේ ගැටලුවට ලක්ව ඇති ඒකක ප්‍රධාන වශයෙන්ම අලෙවි කර ඇත්තේ 2015 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා කාලය තුළය.

Exit mobile version