ජපානයෙන් මෙරට ත්‍රස්ත ක්‍රියා මර්දනයට උපකරණ

ජපාන රජය විසින් ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.6 ක ව්‍යාපෘති නොවන ප්‍රදාන යටතේ ශ්‍රී ලංකා පොලීසිය හා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම වෙත ත්‍රස්ත ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන උපකරණ ලබා දීමට එකඟ වී ඇත.

ඒ අනුව මහජන ආරක්ෂාව සහ ගුවන් මගීන්ගේ ආරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය වන නිරීක්ෂණ හා ආවේක්ෂණ උපකරණ ජපාන රජය විසින් ශ්‍රී ලංකා පොලීසිය වෙත සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම වෙත රාජ්‍ය ආරක්ෂක සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ හරහා ලබා දෙනු ඇත.

ඉහත ප්‍රදාන ආධාරය සඳහා වන හුවමාරු පත්‍ර අත්සන් කිරිම අද දින මුදල් අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.

ශ්‍රි ලංකා රජය වෙනුවෙන් මුදල්  අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විසින් ඉහත හුවමාරු පත්‍ර සඳහා අත්සන් තබා ඇත.

Exit mobile version