පාකිස්ථාන ජාතිකයින් 7කට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මෙරටට ආනයනය කරන ලද පාකිස්ථාන ජාතිකයින් 7දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

හෙරොයින් ලංකාවට ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

එහිදී අත්අඩංගුවට පත් පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකුට හා සැකකාරියක් ද, රේගුව මඟින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කළ පාකිස්ථාන ජාතික සැකකරුවන් සිව් දෙනෙකුට මෙම දඬුවම හිමිව ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.

Exit mobile version