කටුනායක ගුවන් තොටුපලේ වංචාවක් ගැන විමර්ශන අරඹයි

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ බදු රහිත වෙළඳසැල් ලබා ගැනීමේදී සිදුවු මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක රංවල මහතා විසින් ජනාධිපති කොමිසම වෙත අදාළ පැමිණිල්ල සිදුකර තිබුණි.

ඒ අනුව ඉන්දීය සමාගමක් විසින් නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව වංචනික මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරමින් රජයට ඩොලර් මිලියන ගණනක වංචාවක් කළ බව අදාළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

Exit mobile version