Home දේශීය පුවත් හංවැල්ල වෙඩි තැබීමට සම්බන්ධ 2ක් අත්අඩංගුවට

හංවැල්ල වෙඩි තැබීමට සම්බන්ධ 2ක් අත්අඩංගුවට

0
හංවැල්ල වෙඩි තැබීමට සම්බන්ධ 2ක් අත්අඩංගුවට

අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ඊයේ (15) රාත්‍රියේ වෙඩි තබා ඇත.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදා ගත් යතුරු පැදියක් හා වෑන් රථයක් ද සොයා ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල සහ නවගමුව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version