ජනාධිපතිවරණ දිනය කවදද ?

අද සිට දින 14 ක් ඇතුළත ජනාධිපතිවරණය පවත්වන නිශ්චිත දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුම් උළෙලට අද රත්නපුරදි එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකදී එය බොහෝ විට තීරණය වනු ඇති බවයි.

ඒ පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහිදී බොහෝ දුරට දිනය තීරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා ප්‍රකාශ කලේය.

Exit mobile version