වැසි තත්ත්වය තවදුරටත්

දිවයින ආශ්‍රිතව වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම මෙන්ම වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකියි.

Exit mobile version