රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

මහනුවර පොලිස් වසමේ සංඝරාජ මාවතේ කිංග්ස්පාක් හෝට‍ලය ඉදිරිපිට දී රතු බෝක්කුව දෙස සිට මහනුවර දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් අනතුරට පත්ව තිබේ.

බස් රථය හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක් එකිනෙක ගැටී මාර්ගයේ පෙරළී ගොස් යතුරුපැදිකරු ‍රතු බෝක්කුව දෙසට ධාවනය වු කාර් රථයකට යට වී තිබේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50 ක් වු මැද ගම්මැද්ද, සෙනරත්වෙල, රජවැල්ල ප්‍රදේශයේ පදිංචි වැවගේ ඩග්ලස් ජයරත්න නැමති ‍පල්ලෙකැලේ පොලිස් ස්ථානයට අනියුක්ත ‍පොලිස් කොස්තාපල්වරයෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ හා කාර් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version