37 වන ජාතික ස්කොෂ් තරඟය 2017 ලබන 16,17, 18 හා 19 වෙනිදා

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවක දී කමාන්ඩර් (විශ්‍රාමික) ඩබ්ලිව්.එස්.පී. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙවර 37 වන ජාතික ස්කොෂ් තරඟය 2017 ලබන 16, 17, 18 හා 19 වෙනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි.
මෙවර ජාතික ස්කොෂ් තරඟාවලිය 2017 ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුග්‍රහයෙන් පැවැත්වෙන අතර  ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා දිරිගැන්වීමක් ලෙසින් ඉතිහාසයේ පළමු වරට අනුග්‍රහය දක්වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
කාන්තා හා පිරිමි විවෘත වශයෙන් හා වයස අවුරුදු 45, 50, 55 ට ඉහළ කාන්තා හා පිරිමින් සඳහා මෙම තරගය පැවැත්වේ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අවසන් දින (19) ත්‍යාග ප්‍රදාන උත්සවයට සහභාගීවීමට නියමිතය. ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ යුධ හමුදා ස්කොෂ් කමිටුවේ බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබයි.
Exit mobile version