මන්ත්‍රීවරුන්ගේ කාර්යය ඵලදායි කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට පරිගණක

කතානායක කරූ ජයසූරිය මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

ඒ අනුව  පාර්ලිමේන්තු කාර්යයන් ඵලදායි ලෙස සිදු කිරීමට හැකි වන බව කතානායකවරයා පැවසි ය.පරිගණක පද්ධතිය සඳහා අන්තර්ජාල පහසුකම් ද ඇතුළත් වෙයි. කිසිදු මහජන මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය නොවූ බවත් චීන පාර්ලිමේන්තුවෙන් ලැබුණු පරිත්‍යාගයක් බවත් කතානයකවරයා පැවසි ය.

මෙම පරිගණක පද්ධතිය හරහා ව්‍යවස්ථදායක කටයුත්, අන්තර්ජාල පහසුකම්, විද්‍යුත් තැපෑල, මන්ත්‍රීවරුන්ට දැනගත යුතු පාර්ලිමේන්තු කටයුතු, පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය ඇතුළු පහසුකම් රැසක් සපය ඇතැයි ද කතානායකවරයා පැවසී ය.

Exit mobile version