දැව ජාවාරමක් වටලයි – 4ක් අත්අඩංගුවට

වැල්ලවාය පොලිසිය සහ දිසා විශේෂ වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් සිදු කල විශේෂ වැටලීමකදී මහා පරිමාණයේ ගම්මාලු සහ තේක්ක දැව ජාවාරමක් වටලා සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 27 සහ 30 යන වයස් වල පසුවන්නන් වන අතර සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මෙහිදී ලී ඉරීමට යොදා ගන්නා ඉරුම් කට්ටලයක් සහ තේක්ක දැව තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version