මහින්දගේ බලාපොරොත්තු මෙන්න

පසුගිය වසර හතර හමාරක කාලය තුළ අඩාල වූ තම රජය ආරම්භ කළ ව්‍යාපෘතීන් ඉදිරි රජයක් යටතේ කඩිනම් කිරිමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා චීන නියෝජිතයින් පිරිසක් හමුවේ ප්‍රකාශ කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චෙන් මහතා ඇතුළු දූත පිරිස සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී හමුවක් පැවැත්වුණි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට තම පාලන කාලය තුළ චීන රජය දැක්වූ සහයෝගයට ප්‍රසංශාව පල කරන බවයි.

හම්බන්තොට වරාය සහ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති විධිමත් නීති රාමුවක් තුළින් කඩිනම්ව ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවයි එහිදී චීන නියෝජිතයින් ප්‍රකාශ කර ඇත.

Exit mobile version