උතුරු පළාතේ වැව් 15 ක් ප්‍රතිසංස්කරණයට මුදල් වෙන් කෙරේ

උතුරු පළාතේ වැව් 15ක් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සභාපතිත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

පළාතේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එක් දිස්ත්‍රික්කයකින් වැව් 3 ක් ලෙස සම්පූර්ණයෙන්ම වැව් 15 ක් ප්‍රතිසංස්කරණය කෙරේ.

පළමු අදියර සඳහා රුපියල් මිලියන 11.65 ක මුදලක් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කරවීම සහ පුනරුත්ථාපනය, උතුරු පළාත් සංවර්ධන හා තරුණ කටයුතු අමාත්‍යාංශය විසින් වෙන් කර ඇත.

ප්‍රතිසංස්කරණයේදී වැව් ගැඹුරු කර පුළුල් කරනු ඇත. පසුව ඒවා ගොවීන්ට භාර දෙනු ඇත.

Exit mobile version