දුම්රිය තවමත් අකුරට වැඩ

දුම්රිය සේවකයින් ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරම්භ කළේය.

මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර සංඥා බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට පිටත්වන දුම්රිය සහ මරදාන දෙසට පැමිණෙන දුම්රියවල ප්‍රමාදයක් පවතින බවයි.

පිටත ප්‍රදේශවල සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන දුම්රිය නියමිත වේලාවට ගමන් ආරම්භ කර තිබුණද, මගී සහ කාර්යාල දුම්රිය රැසක් ධාවනය වන අවස්ථාවක් බැවින් මරදාන දෙසට පැමිණීමට නොහැකිව ඇතැම් දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට එපිටින් නතර කිරීමට සිදුව ඇති බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Exit mobile version