Home දේශීය පුවත් කරු සහ සජිත් සමඟ අගමැති සාකච්ඡා 2ක්

කරු සහ සජිත් සමඟ අගමැති සාකච්ඡා 2ක්

0
කරු සහ සජිත් සමඟ අගමැති සාකච්ඡා 2ක්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන බදාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයා තෝරා පත් කරගැනීම මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සිදු කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සදහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර තවත් සාකච්ඡාවක් අද (22) දිනයේ පැවැත්විමට නියමිතව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනිම සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණිමේ අරමුණින් මෙම සාකච්ඡාව කැදවා ඇති බව වාර්තා වේ.

මේ අතර කතානායක කරු ජයසූරිය මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ද අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා විය.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සදහන් කළේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව මෙහිදී ද සාකච්ඡා වනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version