රන් මාල කොල්ලකෑමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක රන් මාල කොල්ලකෑමේ නිරත වු පුද්ගලයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

රාගම පොලීසිය සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු 39 හැවිරිදි රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහු විසින් රාගම, කඩවත හා ගනේමුල්ල යන ප්‍රදේශවල රන් මාල කොල්ලකෑම් ගණනාවක් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත්සැකකරු අද (23) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමතයි.

Exit mobile version