දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 5කට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව ප්‍රදේශයේ 85.4R කිලෝ මීටර් කණුව අසල දී මොටර් රථයක් අනතුරට ලක් වී තිබේ.

අයහපත් කාලගුණයත් සමඟ මොටර් රථය ලිස්සා මාර්ගයේ පෙරළි ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම මොටර් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

Exit mobile version