දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දිගුව සති 02න් ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තෙට හා මත්තල දිගුව ඉදිරි සති දෙක තුළ ජනතා අයිතියට පත්කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

ඒ අනුව කොට්ටාව සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වන අතර අන්තර් හුවමාරුවක් සහිත අන්දරවැව සිට හම්බන්තොට දක්වා වන නව අධිවේගී මාර්ගයක්ද (E6) මේ යටතේ ඉදිකර ඇත.

දක්ෂිණ අධිවෙගී මාර්ගයේ සිවුවැනි අදියර ලෙස මෙම ඉදිකිරිම් සිදුකර ඇති අතර රුපියල් බිලියන 52ක මුදලක් ඒ වෙනුවෙන් අයෝජනය කර තිබේ.

මේ අනුව දක්ෂිණ අධිවේගි මාර්ගයේ කිලෝ මීටර් 22ක දිගුත් යුතු වැටිය – මත්තල දක්වා කොටස හා කිලෝමීටර් 16.5ක දිගින් යුත් අන්දරවැව – හම්බන්තොට දක්වා ලෙස මෙම අධිවේගි මාර්ග ඉදිකර ඇත.

චීන රජයේ ණය ආධාර මත ඉදිවන මෙම අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් චයිනා හාබර් සමාගම විසින් සිදුකරනු ලබයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සම්බන්ධ කරනු ලබන මෙම අධිවේගී මාර්ගය මංතීරු 4කින් යුක්තය. පාලම් 12ක් හා බෝක්කු 71ක් එයට ඇතුළත් වෙයි.මෙහි ඉදිකිරීම් කටයුතු 2016 ජනවාරි 19 ආම්භ කළේය.

Exit mobile version