කේරල ගංජා තොගයක් සමඟ 2ක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (29) දින කඳාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරල ගංජාග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

බටහිර නාවික විධානය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කඳාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැක කටයුතු ත්‍රීරෝද රථයක් නිරික්ෂණය කර ඇති අතර, එය වැඩිදුරටත් පරික්ෂා කිරිමේදි එහි සිටි පුද්ගලයන් ලඟ තිබි මෙම කේරල ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත.

එම සැකකරුවන් දෙදෙනා, ත්‍රී රෝද රථය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කඳාන, පොලිසිය වෙත බාරදෙන ලදි.

Exit mobile version