Home දේශීය පුවත් තාක්ෂණික දෝෂයක් නිසා තැපෑල් කටයුතුවලට බලපෑම්

තාක්ෂණික දෝෂයක් නිසා තැපෑල් කටයුතුවලට බලපෑම්

0
තාක්ෂණික දෝෂයක් නිසා තැපෑල් කටයුතුවලට බලපෑම්

පරිගණක ජාලයේ පවතින දෝෂයක් හේතුවෙන් බිඳ වැටී ඇති මහජන සේවා සැපයීමේ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ කණ්ඩායම් 2ක් යොදවා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති එන්.පී. කඳනාරච්චි මහතා පැවසුවේ, පද්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වුවහොත් සේවකයින් මගින් හෝ පද්ධතියේ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව ය.

විදෙස්ගතව සිටින තැපැල්පතිවරයා අද දිවයිනට පැමිණීමෙන් පසු මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද යන්න තීරණය කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ, පවතින තත්ත්වය තුළ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බව ය.

මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, තාක්ෂණික දෝෂය කඩිනමින් නිවැරදි නොකළ හොත් දැඩි පියවර ගන්නා බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version