සහරාන් සමඟ පුහුණුව ලැබු තවත් අ‌යෙක් අල්ලයි

මරාගෙන මැරුණු බෝම්බකරු මොහොමඩ් සහරාන් යන පුද්ගලයා සමඟ පුහුණුව ලැබූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට ප්‍රදේශයේ දී පුහුණුව ලබා තිබුණූ මොහොමඩ් ජෙම්සිට් නැමති කාන්තන්කුඩිවල පදිංචි පුද්ගලයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබා ගෙන විමර්ශන සිදු කරයි.

ඔහුගේ දුරකථන අංකයට අදාළව සිදු කරන ලද දුරකථන අංක විශ්ලේෂණයකින් අනතුරුව මෙම ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බන්ධ තවත් සැකකරුවෙක් ඊයේ(03) රාත්‍රීයේ බේරුවල, අඹේපිටිය ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු වයස අවුරුදු 20 ක් වු මෙහොමඩ් වසීම් හෙවත් අබුමස්ඌඩ් නැමති අයෙක් බවත් මොහු බුටාව පාර, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය පවසයි.

ඔහු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version