ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අදින් අවසන්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අද (06) දහවල් අවසන් වීමට නියමිතයි.

ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු සැප්තැම්බර් මස 19 වනදා ආරම්භ වූ අතර මේ වනවිට අපේක්ෂකයින් 33 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 16ක්, ස්වාධීන අපේක්ෂකයින් 14 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් තිදෙනෙකු මෙවර ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් තිබේ.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර ඇති සියලු අපේක්ෂකයින් අද පස්වරු 02.30 ට මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

ජනාධිපතිවරණයට අදාල නාම යෝජනා භාරගැනීම හෙට (07) සිදු කෙරෙයි.

හෙට පෙරවරු 9.00 සිට 11.00 දක්වා කාලය තුළ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම සිදුවන අතර ඉන්පසු විරෝධතා දැක්වීමට අවස්ථාව හිමි වේ.

Exit mobile version