ඌව පළාත් සභා නිල කාලය අදින් අවසන් ව‌ෙයි

ඌව පළාත් සභාවේ නිල කාලය අද (08) මධ්‍යම රාත‍්‍රී 12.00 න් අවසන් වීමට නියමිතයි.

පළාත් සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව මහ ඇමැතිවරයා/ ඇමතිවරු සහ මන්ත‍්‍රීවරු 34 දෙනාගේ බලතල සියල්ලම ආණ්ඩුකාරවරයාට ක‍්‍රියාත්මක කිරීමට සිදුවන බවයි ඌව පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ් බදුල්ල ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පළාත් සභාවේ කාලය අවසන් විමෙන් අනතුරුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි රථ වාහන හා නිල නිවාස පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා වෙත භාර දියයුතු බව පළාත් ආණ්ඩුකාරවරයා දැනුම්දී තිබේ.

මේ අතර ජනාධිපතිවරණයට පෙර ඌව පළාතේ උපාධිධාරීන් 472 දෙනෙකුට පත්වීම් ලබාදීමටද තීරණය කර ඇති බවයි පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ.

Exit mobile version