නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ඊයේ (07) දින වෙලනි, සෙට්ටිපුරම් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා ග්‍රෑම් 95 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව, උතුරු නාවික විධානය සහ යාපනය, පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව වෙලනි, සෙට්ටිපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර ඇත.
එම යතුරු පැදිය පරීක්‍ෂාවට ලක් කිරීමේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයා ලඟ තිබි මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත.
එම සැකකරු වයස අවුරුදු 34 ක් වන වෙලනි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කයිට්ස්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.