කතක් දුෂණය කර ඝාතනය කළ පුද්ගලයන් 2ක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ සැකකරුවන් දෙදෙනෙක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 2019.10.11 වන දින තලංගම පොලිස් ස්ථානයට වාර්තා වී තිබු අංක 143, පුංචි වැල්ලංගිරිය, හෝකන්දර ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 59 ක් වු කාන්තාවක් දුෂණය කර, ගෙල සිරකර ඝාතනය කර ඇය පැල ද සිටි රන් කරාබු ‍ජෝඩුව කොල්ලකෑමේ සිදුවීමට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

ඒ අනුව ඊයේ(14) සවස 4 ට පමණ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 28 ක හා 31 වන හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද(15) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version